Wednesday, February 29, 2012

සුදු පරවියා

අකුණු පුපුරන හඩින්
කැකුළු සිත් ෙපාඩි තැළි
සිල් අැදුමි ලිහා දා
පරවියා හැංගිලා

           රස කතා හඩ අැසෙයි
           හිනෙනුත් ගුරු ගෙදර
            රෑ   පුරා   නිදිවරයි
            තරු පොකුරු කදවුරෙ
           
 හිරු සදුද අැවිත් යයි
රු දවල් බව කියා
පැතුම් කර හදෙ
කාලයත් ඉගිලෙනා

            පියාපත් පොඩි විදා
            කදුළු නෙතු පිස සෙමින්
            වසරෙන් වසරට
            ඒන්න රිසිෙස් පෙති විහිදා


Wednesday, February 22, 2012

අමනාපයෙන්

ගිනි සිඹින මෙ සුළග වෙලිලා
තුරැ වියන නිරැවතින් හඩනවා
දිය පොදක් හිගාගෙන 

නිල් අහස දෙස බලා 
මහ පොළව ඉකි බිදිනවා
       සද හඩන මහ රෑට
       යට ගිලුණු අැස් වලට
       රු කඩා වැටෙනවා

       තරු නොවෙ වැහි බිංදු
       කඩා වැටියන් නෙතට
        උන් හඩා වැටෙනවා

මිනිස්කම වෙලිලා
අැන කොටා ගන්නවා
ෙහ්න් වෙල් ගිණි අරන්
පුංචි කුස් සයින් තැවෙනවා

        හිරු හෙලු කටුක රැස් 
        පාගා අැත ගිනි ගන්න මුලු සිරුර
        අප නෙත් යොමුවුණා අහසට
        වැහිවලාහක දෙවිදු හැංගිලා
        අමනාපයක් වු විලස

තක්ෂලාව

හිරු මල පිපෙනා  අලුයම
තක්සලාව නිදි ගැට හැර අවදි  ෙවිය
පුංචි පැටව් එකා  ෙදන්නා
දුලි වැසුණු  ෙපාත් පිටු ෙගන
වැව් පිටියට ඇදි එය.....
           වන්නි‍යේ  ෙම් ඉස්කෝලේ
           ෙගාමමැටි දැන් දිය ෙවලාය
          වහලෙ පිදුරු දියවෙලාය
          එ වුනාට බැගැබරව ශිල්ප යදින
          තරු නෙත්වල තැවරුණු අසරණකම
          කීරී ගසයි හිත පතුලට'''''''''''''''
හෙනෙ කුඹුරෙ සවි දියකර
ලොව දියුණට අත්වැල දෙන
උදව් වෙලා පොඩි අතපය
කරගැට මල්  පිබිදිලාය
ඉපල් කොටු ගෙන කලන්න
සිතක් දෙන්නෙ කාටද අද?
           මිරි වැටි නැති පුංචි දෙපා
           දැක අහිතක් නොගෙන සිතට
           එක දවසට එක අකුරක්
           ඉගැන්නුවත් ෙමාන පිනක්ද?
  කැෙල් පිපුණු මල් කැෙල්ම මිලින වෙන්න
 ඉඩ හරින්න කිසිවිටකත් සිත් නෑ
මලක් වෙලා හෙට පිපෙන්න
වෙර දරණා මුදුකැකුලට'''''''''''''''''''''''''''