Friday, May 11, 2012

පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සියපුතු නළවනවා
මගේම කවියක් නැළවිලි ස්වරයෙන්
අැතින් මතුෙවනවා

              නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවන්
              දයාව වෑහෙනවා
              සිනාසුනෙම් මම අවිහිංසක අෑ
              කෝළ බැළුම් හෙළුවා

              පෙර දිනයක මා............

ඉස්සර වාගෙම තවමත් වැට අද්දර
 නා මල් පූදිනවා
නොකා නොබී මම ගෙවු අතීතය

 යළි මට සිහිවෙනවා

                 පෙර දිනයක මා..............

Thursday, March 15, 2012

අවුරුදු තහනම්

ෙකාහො කොහො අණ බෙර ගහගෙන
අවුරුද්දෙ සුභ  පණිවිඩ අරගෙන
එන්න එපා අපෙ ගෙදර දිහාවෙ
ඉගිළි පලයන් පිට පාරෙ

                 පුංචි දෑස් තුටු කදුළින් පුරවන
                 මල් මංගල්ලෙ වුනා දෙන්
                 අප්පච්චිත් දෙවට  පැන
                  එන්න එපා  නුඹ මෙ වරේ

 අවුරුදු කුමරිය එරබදු පැහැයෙන්
හැඩට හැෙඩ මල් ගවසාලා
අපෙ ලොවට අවුරුදු තහනම්
හිරුට කලින් පාළුව කැන්දා

Wednesday, March 14, 2012

තිඹිරි ගෙය

අකල් අෙනා්රා වැසි වට මැදියම
තරැ අැස් පුපුරා ෙල් ගැලුවා
මගෙ තිඹිරි  ෙගයි සයනයෙ අම්මෙ
නුෙඹ සොහොන් කොත ඉදි වුවා


          සත් පත්තිනි මව්වරු විරසක දෝ
          පහන් පැෙල වෙයන් බැන්දෙ

          උපන් දාම කිරි කදුල සොරා ගෙන
          කොක්කු ලගිති මාවර ලන්දේ
          දසකඩ මස ඉසිලු බර වැඩිදෝ 
          මා තනිකර අවසන් නින්දේ


තුන් කල් සිහිනය සෑබෑ වු දිනේ
මා වි  මල බමර මලින් 
දොලු කන්දෙ හෙවනැල්ලයි ඉරුනෙ
රිදි ඉරක් නැති වළාකුළින්
අමිහිරි මතකය නැගෙන්නෙපා යළි
උපන් දිනක් වී සංසාරේ

Wednesday, February 29, 2012

සුදු පරවියා

අකුණු පුපුරන හඩින්
කැකුළු සිත් ෙපාඩි තැළි
සිල් අැදුමි ලිහා දා
පරවියා හැංගිලා

           රස කතා හඩ අැසෙයි
           හිනෙනුත් ගුරු ගෙදර
            රෑ   පුරා   නිදිවරයි
            තරු පොකුරු කදවුරෙ
           
 හිරු සදුද අැවිත් යයි
රු දවල් බව කියා
පැතුම් කර හදෙ
කාලයත් ඉගිලෙනා

            පියාපත් පොඩි විදා
            කදුළු නෙතු පිස සෙමින්
            වසරෙන් වසරට
            ඒන්න රිසිෙස් පෙති විහිදා


Wednesday, February 22, 2012

අමනාපයෙන්

ගිනි සිඹින මෙ සුළග වෙලිලා
තුරැ වියන නිරැවතින් හඩනවා
දිය පොදක් හිගාගෙන 

නිල් අහස දෙස බලා 
මහ පොළව ඉකි බිදිනවා
       සද හඩන මහ රෑට
       යට ගිලුණු අැස් වලට
       රු කඩා වැටෙනවා

       තරු නොවෙ වැහි බිංදු
       කඩා වැටියන් නෙතට
        උන් හඩා වැටෙනවා

මිනිස්කම වෙලිලා
අැන කොටා ගන්නවා
ෙහ්න් වෙල් ගිණි අරන්
පුංචි කුස් සයින් තැවෙනවා

        හිරු හෙලු කටුක රැස් 
        පාගා අැත ගිනි ගන්න මුලු සිරුර
        අප නෙත් යොමුවුණා අහසට
        වැහිවලාහක දෙවිදු හැංගිලා
        අමනාපයක් වු විලස

තක්ෂලාව

හිරු මල පිපෙනා  අලුයම
තක්සලාව නිදි ගැට හැර අවදි  ෙවිය
පුංචි පැටව් එකා  ෙදන්නා
දුලි වැසුණු  ෙපාත් පිටු ෙගන
වැව් පිටියට ඇදි එය.....
           වන්නි‍යේ  ෙම් ඉස්කෝලේ
           ෙගාමමැටි දැන් දිය ෙවලාය
          වහලෙ පිදුරු දියවෙලාය
          එ වුනාට බැගැබරව ශිල්ප යදින
          තරු නෙත්වල තැවරුණු අසරණකම
          කීරී ගසයි හිත පතුලට'''''''''''''''
හෙනෙ කුඹුරෙ සවි දියකර
ලොව දියුණට අත්වැල දෙන
උදව් වෙලා පොඩි අතපය
කරගැට මල්  පිබිදිලාය
ඉපල් කොටු ගෙන කලන්න
සිතක් දෙන්නෙ කාටද අද?
           මිරි වැටි නැති පුංචි දෙපා
           දැක අහිතක් නොගෙන සිතට
           එක දවසට එක අකුරක්
           ඉගැන්නුවත් ෙමාන පිනක්ද?
  කැෙල් පිපුණු මල් කැෙල්ම මිලින වෙන්න
 ඉඩ හරින්න කිසිවිටකත් සිත් නෑ
මලක් වෙලා හෙට පිපෙන්න
වෙර දරණා මුදුකැකුලට'''''''''''''''''''''''''''

Thursday, January 5, 2012

නිහැඩියාව


  


සද නැගෙන විට,සද බහින විට
මට සිහිනය පාළුව,
කාන්සිය
පමණයි................................

සමුගැන්ම

විවාහය

පුතා ;  තාත්තෙ  මට දෙයක් කි...යන්න තිය....නවා(ලැඡ්ඡාවෙන්)
පුතා: මට උඩහ ගෙදර න......ංගි...........
තාත්තා:අයෙත් ඉතින්
පුතා;මම බදි.....න්න කැමතියි
තාත්තා: මෙ.....................ඒක..........නන් කවදාකවත් කරන්..න බැ
පුතා: අනෙ තාත්තෙ
තාත්තා:වෙන ඔන කෙනෙක් බදින්න ඒයා බදින්නෙ නැතුව
           ටික කලකට පසු
පුතා;මම අළුත් කෙනෙක් බදිනවා
තාත්තා:ඒ පාර කවිද?
පුතා:පහල ගෙදර..................
තාත්තා:වදින්නන් පුතා ඒයා ඔයාගෙම නං.............ගි කියලා හිතන්........න
      යළිත් වරක් ඒවැන්නක්ම සිදුවිය
පුතා:අම්මා .අම්මා (කෙන්තියෙන්)
අම්මා:අැයි
පුතා:මම යාළුවුණ හැමකෙනෙක් ම මගෙ නංගි කියලා හිතන්න කියලා තාත්තා කියනවා.මට  දැන් හැම ඒකක්ම ඒපා වෙලා
අම්මා:(රහසින් සිනා ව්) ඔයා ඔය නැමති කෙනෙක් බදින්න.ඒයාලා ඔයාගෙ නංගිලා නෙවෙයි

Wednesday, January 4, 2012

නියගයක පෙරනිමිති

විහග තුඩු රැදුණු ගී
මා හදින් සැගවිලා
හිමිදිරියට නැටු
මල් කැකුළු මැළවිලා................
           මුව ෙදාවන සිසිල් දිය
           ගං පතුල තුල සැගවිලා
          කර්කශ නියගයක
          නිමිත්තක් මතුවෙලා......................
පුංචි දග මාළුවන්
වැලි අතර සැගවිලා
සිය සිදුණු ෙපාකුණ මත
නිල් නෙළුම් මැලවිලා......................
           නිල වර්ණ ගත
           තුරැ මුදුණෙ වියකිලා
          කර්කශ නියගයක         
          පෙරනිමිති මතුවෙලා..............................

Sunday, January 1, 2012

නුඔ නමට

තල් අරණේ තනිවෙලා ගිණි අවිය අත      දරන්
ඡිවිතය ගැන පවා නොසිතමින් වෙර       අරන්
පිටවෙලා යන නුබෙ තුරැණු විය කල්  වැටෙන්
සැනෙනවද නුඔ නමට හෙලන සුසුමක  පවන්


          වෙඩි හඩේ කටුක බව දෙසවනේ       නැවතිලා
          ගිණි අවියේ උණුසුමට නුඹේ ගත        හුරැවෙලා
          ගෙවන හැම මොහොතකම උකුසු ඇස්  රිදවලා
          ඇසෙනවා හැම විටම නුඹේ හදේ හඩ        පවා


අම්හිරිය වෙඩි හඩේ කුරිරැ බව නෙත   රැදුණු
බිහිසුණුය මරණයෙ ලතෝනිය හද        සැලු
ගැලුව ලේ බිදු දහර නුඹේ ලය තෙත්    වමින
අකිකරැ කදුලුකැට  වැනෙයි රැරා      නෙතනි


         නුඹේ දිවියේ අවසන සුසුම පොද  හෙළු මොහොතක
        පෙනෙනවා සිහිනයෙන් හැම රෑම නෙත්        තෙමන
        ඉවසම්ද කෙලෙසකින් නුඹේ සුසුම නැත          ඉතින
        නුඹ නමට පතමි මම අමා මහ   පිරි                   නිවන...................................

Wednesday, December 7, 2011

සුන්දර ළමා ලෝකය

මොහොතින් මොහොත,තත්පරයෙන් තත්පරය අද ලෝකය නවතාවයට පත් වේ.අදහස්,සිතුම් පැතුම් මෙන්ම නව නිපයුමි ද බිහිවේ.අපට අවශ්‍ය වන්නේ අතිතය පැන උදම් වනීම නොවනව දෘෂ්ට්යකින් විද්‍යාමාන වන්නට ගැළගෙන අන්දමට නව පරපුරක් බිහිවිමට නව අධ්‍යාපන රටාවක් රට තුළ ඇතිකිරිමයි.
            වත්මන් කාර‍්ය බහුලත්වය නිසා දෙමාපියන්ට දරැවන් ගැනසෙවිමට කාලය ඇහිරි ඇත.නමුත් දරැවන්ට දෙමාපියන්ගේ අවධානය යොමු විය යුතුය.මෙලොවට ඉපදෙන දරැවා ලොව දකින්නේ දෙමාපියන්ගෙනි.ඔවුන් වටා ඇති පරිසරයෙන්.දරැවන් රැක බලාගැනිම මනෝව්ද්‍යානුකුල විය යුතුය

           දරවන් ව්ව්ධාකාර දෑ අතපත ගාමින් ලෝකය අවබෝධ කරගැන්මට වෙර දරයි.ඒ අත්දැකිම් ඔවුන්ගේ දිවි මංතලය එළිකරයි.
පාසල් දිව්යේදි  ගුරැවරැන්,දෙමාපියන් අනුකරණය කරයි. සමාඡයේ භුමිකා අනුකරණයට පෙළබෙයි.

 දරැවන් කිඩාවේ නිරත විමෙන් එකිනෙකා කෙරෙහි බැදිම,මිතුදම සාධාරණත්වයට පෙරහුරැවකි.එමෙන්ම ගුණාත්මක අධ්‍යෙපනයක් දරැවාට ලබාදිය යුතුය.
 දරැවාට සමඡිය බුද්ධිමය සංවර්ධනයට අවශ්‍ය ඉගෙනුමි වතාවරණය ඇති කොට විභාග පාදක,විෂය පාදක ඉගෙනුමි රටාව වෙනස් කර නව ආකල්ප කුසලතා ,සිත් සතන් අවධි කරන්නට පෙළ ගැසෙමු.

Wednesday, November 23, 2011

මට සමාවෙන්න තාත්තේ........

    දවසක් අම්මයි,තාත්තයි,පුතයි,වයසක සීයයි කෑම මේසයක ආහාර ගනිමින් හිටියලු.කුඩා දරැවා හැම දෙයක් ගැනම සැලකිල්ලෙන් හිටියේ.ඒ අතරතුරේ සියා කෑම කනකොට අත වෙව්ලන හැටි,සුප් බොන කොට සුප් හැලෙන හැටි,වතුර බොන කොට වකුර හැලෙන හැටිත් බලාගෙන හිටියලු.පිගන් බිදින නිසා ලී පිගානක් දෙනබවත් පුතා දන්නවලු.
      තාත්තා ගැන මොනවහරි කරන්න ඕනෙ කියලා කුස්සියේ කුඩා මෙසයක කෑම ‍දෙන්න පටන් ගත්තලු.කුඩා දරැවා හැම දෙයක්ම විමසිල්ලෙන්.කුස්සියේ ඉදගෙන වෙවිලන අගිලි වලින් කෑම කනකොට ඇගිලි අතරින් කැම බේරිලා වැටෙන හැටිත්,වතුර ඉහෙන හැටිත්,සමහර දාට දෑස් කෙරවල කදුලු බිදුවක් රැදි තිබෙන  හැටිත් දැක්කලු.

       පුතා දවසක් ලී කොටයකින් දැව පෙත්තක් අරගෙන මොකක්දෝ හදනවා තාත්තා  දැක ;පුතා මොනවද හදන්නේ? කියලා ඇහුවා.එතකොට පුතා;
    සීයා පිගන් බිදින නිසා එයාට දෙන්නේ ලී පිගානකනේ.මමත් ඒවගේ ලී පිගන් දෙකක් හදනවා මම ලොකුවුනාම අමිමටයි,තාත්තටයි කුස්සියේ මේසයක තියලා මේ හදන ලී පිගන් දෙකේ කෑම දෙන්න....
තාත්තා කාගෙන්වත් දැකපු ,අහපු නැති පාඩමක් එදා  ඉගෙන ගත්තලු.මට මගේ දරැවාගෙන් ලැබෙන්නේ මම මගේ තාත්තට දුන් සැලකිල්ලම බව තාත්තට වැටහුනාලු. 

 

Wednesday, November 16, 2011

අහිමි සෙනෙහස

දනින් වැටී මා ඔබ වෙන්වුණු තැන
කදුලැලි අතරින් ඔබ සෙවිවා
මතකය දිග හැර කදුලැලි  පිසදා
මගේ පියාණන් මම සෙවිවා

                       දැතේ පැටලි තුට්න් සිනා පා
                       ඔබෙ සෙනෙහෙන් මා තුටු වුවා
                       ළමා වියේ මා දග කළ හැටි
                       ආඩමිබරයෙන් බලා උන්නා

මා වෙනුවෙන් ඔබ දහ දිය වගුරා
මගේ දියුණුවම ඔබ පැතුවා
ඉරුණු සරම හැද කුසට නොකා
රාඡ කුමරියකට මා හැඩ කෙරුවා

                       සිතල දවසක කලුවර රැයකදි
                       අපේ පැලම සෝ ගිණි දල්වා
                       සැම දින දෙපයින් අප වෙත ආ ඔබ
                       ආකාසෙන් මෙන් ගෙට ගොඩ වුවා
පිය සෙනහෙන්  දරුවන් තුටු වන විට
දැස පියා මම කදුලැලි සැලුවා
යළිත් භවයකදි මගේම පියතුම
වන්නට අවිහිංසක පැතුමක් පැතුවා!!!!!!!!!!!!!!!!
!

Wednesday, November 2, 2011

ජිවිතයට අරුතක්- සිතන්නට යමක්

            වචන කියන්නේ පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු සමග අදහස් හුවමාරු කර ගැනීමට ඇති පුභලම මාධ්‍යයයි .වචන නැතිනමි වාක්‍ය පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික දියුණුවට මෙන්ම ආධ්‍යාත්මික පරිහාණියට තදින්ම බලපාන කරුණක් අප එදිනෙදා භාවිතා කරන වචන පිළිබදව ඉතාමත් සැලකිලිමත් විය යුතුය. එදිනෙදා අපගේ මුවින් පිටවන වචන සෑම වදනක්ම අපගේ යහපත උදෙසා මෙන්ම අන් අයගේ යහපත උදෙසා පුකාශ විය යුතු බව මතකයේ තබා  ගත යුතුය. මුවින් පිටවන සැම වදනක්ම රසවත් හරවත් බවක් රැදිම අකර්ෂණිය වේ අපගේ ඡිවිතවලට වචනවලින් ලබා දෙන්නේ බලයකි. අර්තයකි. ආචාරශිලි අර්ථවත් වදන්වලින් අපගේ වාග් මාලාව පෝෂණය විය යුතුය.
           අර්ථවත් නිර්මාණමාණශිලි වදන්වලින් පුද්ගලයාගේ ඡිවිත අලුත්ම මාවතකට යොමු කළ හැකිය. සැමගේ අවධානය ලැබ සතුටින් සමාඡය තුළ ඡිවත්විමට අවස්ථාව ලැබෙනු ඇත .ඊට කදිම නිදසුනක් පහතින් ඔබට දැක ගත හැකිය.
මම අන්ධයෙක් මට උදවි කරන්න
මෙම රුප රාමුවේ දැක්වෙන ආකාරයට අන්ධ යාචකයා තමාව හදුක්වා ඇති ආකාරය කිසිදු පුද්ගලයෙකුගේ සිතෙහි කම්පනයක් ඇතිකිරිමට සමත් නොවේ.එ නිසා ඇතමෙක් තමා ළග ඇති මුදලින් කාසි කිහිපයක් විසි කර යන විට ඇතමෙක් ඔහු නොදැක්කා සේ ගමන් කරයි. දිනක ඔහු අසලින් ගමන් කරන ළමයෙක් ඔහු පසුකර ගොස් නැවත ඔහු ලගට පැමිණ ඔහු අසළ තිබු පුවරැවේ යමක් සටහන් කර ගියේය.
            ‍්අද ලස්සන දවසක්;නමුත් මට ඒ සුන්දරත්වය නොපෙනේ
           අනතුරැව අන්ධ යාචක මිනිසා නොසිතු: නොපැතු අයුරින් තමා ළගට විත් මිනිසුන් ආහාර මුදල් දී ඔහු සනසා ගියේය
           අපගේ අදහස් හුවසාරැවට ඇති වචන රසවත් සේම අර්ථවත් විය වුතුය. අපගේ වචන වලින් ලෝකය වෙනස් කරනවාට වඞා අපට ඒ දේවල් දිහා බලන විදිහ වෙනස් කර ගැනීමට අපගේ වාග් මාලාව නිර්මාණශිලි අර්ථවත් විය යුතුය