Wednesday, November 23, 2011

මට සමාවෙන්න තාත්තේ........

    දවසක් අම්මයි,තාත්තයි,පුතයි,වයසක සීයයි කෑම මේසයක ආහාර ගනිමින් හිටියලු.කුඩා දරැවා හැම දෙයක් ගැනම සැලකිල්ලෙන් හිටියේ.ඒ අතරතුරේ සියා කෑම කනකොට අත වෙව්ලන හැටි,සුප් බොන කොට සුප් හැලෙන හැටි,වතුර බොන කොට වකුර හැලෙන හැටිත් බලාගෙන හිටියලු.පිගන් බිදින නිසා ලී පිගානක් දෙනබවත් පුතා දන්නවලු.
      තාත්තා ගැන මොනවහරි කරන්න ඕනෙ කියලා කුස්සියේ කුඩා මෙසයක කෑම ‍දෙන්න පටන් ගත්තලු.කුඩා දරැවා හැම දෙයක්ම විමසිල්ලෙන්.කුස්සියේ ඉදගෙන වෙවිලන අගිලි වලින් කෑම කනකොට ඇගිලි අතරින් කැම බේරිලා වැටෙන හැටිත්,වතුර ඉහෙන හැටිත්,සමහර දාට දෑස් කෙරවල කදුලු බිදුවක් රැදි තිබෙන  හැටිත් දැක්කලු.

       පුතා දවසක් ලී කොටයකින් දැව පෙත්තක් අරගෙන මොකක්දෝ හදනවා තාත්තා  දැක ;පුතා මොනවද හදන්නේ? කියලා ඇහුවා.එතකොට පුතා;
    සීයා පිගන් බිදින නිසා එයාට දෙන්නේ ලී පිගානකනේ.මමත් ඒවගේ ලී පිගන් දෙකක් හදනවා මම ලොකුවුනාම අමිමටයි,තාත්තටයි කුස්සියේ මේසයක තියලා මේ හදන ලී පිගන් දෙකේ කෑම දෙන්න....
තාත්තා කාගෙන්වත් දැකපු ,අහපු නැති පාඩමක් එදා  ඉගෙන ගත්තලු.මට මගේ දරැවාගෙන් ලැබෙන්නේ මම මගේ තාත්තට දුන් සැලකිල්ලම බව තාත්තට වැටහුනාලු. 

 

No comments:

Post a Comment