Wednesday, November 16, 2011

අහිමි සෙනෙහස

දනින් වැටී මා ඔබ වෙන්වුණු තැන
කදුලැලි අතරින් ඔබ සෙවිවා
මතකය දිග හැර කදුලැලි  පිසදා
මගේ පියාණන් මම සෙවිවා

                       දැතේ පැටලි තුට්න් සිනා පා
                       ඔබෙ සෙනෙහෙන් මා තුටු වුවා
                       ළමා වියේ මා දග කළ හැටි
                       ආඩමිබරයෙන් බලා උන්නා

මා වෙනුවෙන් ඔබ දහ දිය වගුරා
මගේ දියුණුවම ඔබ පැතුවා
ඉරුණු සරම හැද කුසට නොකා
රාඡ කුමරියකට මා හැඩ කෙරුවා

                       සිතල දවසක කලුවර රැයකදි
                       අපේ පැලම සෝ ගිණි දල්වා
                       සැම දින දෙපයින් අප වෙත ආ ඔබ
                       ආකාසෙන් මෙන් ගෙට ගොඩ වුවා
පිය සෙනහෙන්  දරුවන් තුටු වන විට
දැස පියා මම කදුලැලි සැලුවා
යළිත් භවයකදි මගේම පියතුම
වන්නට අවිහිංසක පැතුමක් පැතුවා!!!!!!!!!!!!!!!!
!

No comments:

Post a Comment