Wednesday, February 22, 2012

අමනාපයෙන්

ගිනි සිඹින මෙ සුළග වෙලිලා
තුරැ වියන නිරැවතින් හඩනවා
දිය පොදක් හිගාගෙන 

නිල් අහස දෙස බලා 
මහ පොළව ඉකි බිදිනවා
       සද හඩන මහ රෑට
       යට ගිලුණු අැස් වලට
       රු කඩා වැටෙනවා

       තරු නොවෙ වැහි බිංදු
       කඩා වැටියන් නෙතට
        උන් හඩා වැටෙනවා

මිනිස්කම වෙලිලා
අැන කොටා ගන්නවා
ෙහ්න් වෙල් ගිණි අරන්
පුංචි කුස් සයින් තැවෙනවා

        හිරු හෙලු කටුක රැස් 
        පාගා අැත ගිනි ගන්න මුලු සිරුර
        අප නෙත් යොමුවුණා අහසට
        වැහිවලාහක දෙවිදු හැංගිලා
        අමනාපයක් වු විලස

No comments:

Post a Comment