තල් අරණේ තනිවෙලා ගිණි අවිය අත දරන්
ඡිවිතය ගැන පවා නොසිතමින් වෙර අරන්
පිටවෙලා යන නුබෙ තුරැණු විය කල් වැටෙන්
සැනෙනවද නුඔ නමට හෙලන සුසුමක පවන්
වෙඩි හඩේ කටුක බව දෙසවනේ නැවතිලා
ගිණි අවියේ උණුසුමට නුඹේ ගත හුරැවෙලා
ගෙවන හැම මොහොතකම උකුසු ඇස් රිදවලා
ඇසෙනවා හැම විටම නුඹේ හදේ හඩ පවා
අම්හිරිය වෙඩි හඩේ කුරිරැ බව නෙත රැදුණු
බිහිසුණුය මරණයෙ ලතෝනිය හද සැලු
ගැලුව ලේ බිදු දහර නුඹේ ලය තෙත් වමින
අකිකරැ කදුලුකැට වැනෙයි රැරා නෙතනි
නුඹේ දිවියේ අවසන සුසුම පොද හෙළු මොහොතක
පෙනෙනවා සිහිනයෙන් හැම රෑම නෙත් තෙමන
ඉවසම්ද කෙලෙසකින් නුඹේ සුසුම නැත ඉතින
නුඹ නමට පතමි මම අමා මහ පිරි නිවන...................................
No comments:
Post a Comment