මොහොතින් මොහොත,තත්පරයෙන් තත්පරය අද ලෝකය නවතාවයට පත් වේ.අදහස්,සිතුම් පැතුම් මෙන්ම නව නිපයුමි ද බිහිවේ.අපට අවශ්‍ය වන්නේ අතිතය පැන උදම් වනීම නොවනව දෘෂ්ට්යකින් විද්‍යාමාන වන්නට ගැළගෙන අන්දමට නව පරපුරක් බිහිවිමට නව අධ්‍යාපන රටාවක් රට තුළ ඇතිකිරිමයි.
වත්මන් කාර්ය බහුලත්වය නිසා දෙමාපියන්ට දරැවන් ගැනසෙවිමට කාලය ඇහිරි ඇත.නමුත් දරැවන්ට දෙමාපියන්ගේ අවධානය යොමු විය යුතුය.මෙලොවට ඉපදෙන දරැවා ලොව දකින්නේ දෙමාපියන්ගෙනි.ඔවුන් වටා ඇති පරිසරයෙන්.දරැවන් රැක බලාගැනිම මනෝව්ද්යානුකුල විය යුතුය
දරවන් ව්ව්ධාකාර දෑ අතපත ගාමින් ලෝකය අවබෝධ කරගැන්මට වෙර දරයි.ඒ අත්දැකිම් ඔවුන්ගේ දිවි මංතලය එළිකරයි.
පාසල් දිව්යේදි ගුරැවරැන්,දෙමාපියන් අනුකරණය කරයි. සමාඡයේ භුමිකා අනුකරණයට පෙළබෙයි.
දරැවන් කිඩාවේ නිරත විමෙන් එකිනෙකා කෙරෙහි බැදිම,මිතුදම සාධාරණත්වයට පෙරහුරැවකි.එමෙන්ම ගුණාත්මක අධ්යෙපනයක් දරැවාට ලබාදිය යුතුය.
දරැවාට සමඡිය බුද්ධිමය සංවර්ධනයට අවශ්‍ය ඉගෙනුමි වතාවරණය ඇති කොට විභාග පාදක,විෂය පාදක ඉගෙනුමි රටාව වෙනස් කර නව ආකල්ප කුසලතා ,සිත් සතන් අවධි කරන්නට පෙළ ගැසෙමු.
Wednesday, December 7, 2011
Wednesday, November 23, 2011
මට සමාවෙන්න තාත්තේ........
දවසක් අම්මයි,තාත්තයි,පුතයි,වයසක සීයයි කෑම මේසයක ආහාර ගනිමින් හිටියලු.කුඩා දරැවා හැම දෙයක් ගැනම සැලකිල්ලෙන් හිටියේ.ඒ අතරතුරේ සියා කෑම කනකොට අත වෙව්ලන හැටි,සුප් බොන කොට සුප් හැලෙන හැටි,වතුර බොන කොට වකුර හැලෙන හැටිත් බලාගෙන හිටියලු.පිගන් බිදින නිසා ලී පිගානක් දෙනබවත් පුතා දන්නවලු.
තාත්තා ගැන මොනවහරි කරන්න ඕනෙ කියලා කුස්සියේ කුඩා මෙසයක කෑම දෙන්න පටන් ගත්තලු.කුඩා දරැවා හැම දෙයක්ම විමසිල්ලෙන්.කුස්සියේ ඉදගෙන වෙවිලන අගිලි වලින් කෑම කනකොට ඇගිලි අතරින් කැම බේරිලා වැටෙන හැටිත්,වතුර ඉහෙන හැටිත්,සමහර දාට දෑස් කෙරවල කදුලු බිදුවක් රැදි තිබෙන හැටිත් දැක්කලු.

පුතා දවසක් ලී කොටයකින් දැව පෙත්තක් අරගෙන මොකක්දෝ හදනවා තාත්තා දැක ;පුතා මොනවද හදන්නේ? කියලා ඇහුවා.එතකොට පුතා;සීයා පිගන් බිදින නිසා එයාට දෙන්නේ ලී පිගානකනේ.මමත් ඒවගේ ලී පිගන් දෙකක් හදනවා මම ලොකුවුනාම අමිමටයි,තාත්තටයි කුස්සියේ මේසයක තියලා මේ හදන ලී පිගන් දෙකේ කෑම දෙන්න....
තාත්තා කාගෙන්වත් දැකපු ,අහපු නැති පාඩමක් එදා ඉගෙන ගත්තලු.මට මගේ දරැවාගෙන් ලැබෙන්නේ මම මගේ තාත්තට දුන් සැලකිල්ලම බව තාත්තට වැටහුනාලු.
Wednesday, November 16, 2011
අහිමි සෙනෙහස
දනින් වැටී මා ඔබ වෙන්වුණු තැන
කදුලැලි අතරින් ඔබ සෙවිවා
මතකය දිග හැර කදුලැලි පිසදා
මගේ පියාණන් මම සෙවිවා
දැතේ පැටලි තුට්න් සිනා පා
ඔබෙ සෙනෙහෙන් මා තුටු වුවා
ළමා වියේ මා දග කළ හැටි
ආඩමිබරයෙන් බලා උන්නා
මා වෙනුවෙන් ඔබ දහ දිය වගුරා
මගේ දියුණුවම ඔබ පැතුවා
ඉරුණු සරම හැද කුසට නොකා
රාඡ කුමරියකට මා හැඩ කෙරුවා
සිතල දවසක කලුවර රැයකදි
අපේ පැලම සෝ ගිණි දල්වා
සැම දින දෙපයින් අප වෙත ආ ඔබ
ආකාසෙන් මෙන් ගෙට ගොඩ වුවා
පිය සෙනහෙන් දරුවන් තුටු වන විට
දැස පියා මම කදුලැලි සැලුවා
යළිත් භවයකදි මගේම පියතුම
වන්නට අවිහිංසක පැතුමක් පැතුවා!!!!!!!!!!!!!!!!!

Tuesday, November 15, 2011
Wednesday, November 2, 2011
ජිවිතයට අරුතක්- සිතන්නට යමක්
වචන කියන්නේ පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු සමග අදහස් හුවමාරු කර ගැනීමට ඇති පුභලම මාධ්‍යයයි .වචන නැතිනමි වාක්‍ය පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික දියුණුවට මෙන්ම ආධ්‍යාත්මික පරිහාණියට තදින්ම බලපාන කරුණක් අප එදිනෙදා භාවිතා කරන වචන පිළිබදව ඉතාමත් සැලකිලිමත් විය යුතුය. එදිනෙදා අපගේ මුවින් පිටවන වචන සෑම වදනක්ම අපගේ යහපත උදෙසා මෙන්ම අන් අයගේ යහපත උදෙසා පුකාශ විය යුතු බව මතකයේ තබා ගත යුතුය. මුවින් පිටවන සැම වදනක්ම රසවත් හරවත් බවක් රැදිම අකර්ෂණිය වේ අපගේ ඡිවිතවලට වචනවලින් ලබා දෙන්නේ බලයකි. අර්තයකි. ආචාරශිලි අර්ථවත් වදන්වලින් අපගේ වාග් මාලාව පෝෂණය විය යුතුය.
අර්ථවත් නිර්මාණමාණශිලි වදන්වලින් පුද්ගලයාගේ ඡිවිත අලුත්ම මාවතකට යොමු කළ හැකිය. සැමගේ අවධානය ලැබ සතුටින් සමාඡය තුළ ඡිවත්විමට අවස්ථාව ලැබෙනු ඇත .ඊට කදිම නිදසුනක් පහතින් ඔබට දැක ගත හැකිය.
මෙම රුප රාමුවේ දැක්වෙන ආකාරයට අන්ධ යාචකයා තමාව හදුක්වා ඇති ආකාරය කිසිදු පුද්ගලයෙකුගේ සිතෙහි කම්පනයක් ඇතිකිරිමට සමත් නොවේ.එ නිසා ඇතමෙක් තමා ළග ඇති මුදලින් කාසි කිහිපයක් විසි කර යන විට ඇතමෙක් ඔහු නොදැක්කා සේ ගමන් කරයි. දිනක ඔහු අසලින් ගමන් කරන ළමයෙක් ඔහු පසුකර ගොස් නැවත ඔහු ලගට පැමිණ ඔහු අසළ තිබු පුවරැවේ යමක් සටහන් කර ගියේය.
්අද ලස්සන දවසක්;නමුත් මට ඒ සුන්දරත්වය නොපෙනේ
අනතුරැව අන්ධ යාචක මිනිසා නොසිතු: නොපැතු අයුරින් තමා ළගට විත් මිනිසුන් ආහාර මුදල් දී ඔහු සනසා ගියේය
අපගේ අදහස් හුවසාරැවට ඇති වචන රසවත් සේම අර්ථවත් විය වුතුය. අපගේ වචන වලින් ලෝකය වෙනස් කරනවාට වඞා අපට ඒ දේවල් දිහා බලන විදිහ වෙනස් කර ගැනීමට අපගේ වාග් මාලාව නිර්මාණශිලි අර්ථවත් විය යුතුය
අර්ථවත් නිර්මාණමාණශිලි වදන්වලින් පුද්ගලයාගේ ඡිවිත අලුත්ම මාවතකට යොමු කළ හැකිය. සැමගේ අවධානය ලැබ සතුටින් සමාඡය තුළ ඡිවත්විමට අවස්ථාව ලැබෙනු ඇත .ඊට කදිම නිදසුනක් පහතින් ඔබට දැක ගත හැකිය.
මම අන්ධයෙක් මට උදවි කරන්න |
්අද ලස්සන දවසක්;නමුත් මට ඒ සුන්දරත්වය නොපෙනේ
අනතුරැව අන්ධ යාචක මිනිසා නොසිතු: නොපැතු අයුරින් තමා ළගට විත් මිනිසුන් ආහාර මුදල් දී ඔහු සනසා ගියේය
අපගේ අදහස් හුවසාරැවට ඇති වචන රසවත් සේම අර්ථවත් විය වුතුය. අපගේ වචන වලින් ලෝකය වෙනස් කරනවාට වඞා අපට ඒ දේවල් දිහා බලන විදිහ වෙනස් කර ගැනීමට අපගේ වාග් මාලාව නිර්මාණශිලි අර්ථවත් විය යුතුය
Subscribe to:
Posts (Atom)