වියත
Friday, May 11, 2012
පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සියපුතු නළවනවා
මගේම කවියක් නැළවිලි ස්වරයෙන්
අැතින් මතුෙවනවා
නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවන්
දයාව වෑහෙනවා
සිනාසුනෙම් මම අවිහිංසක අෑ
කෝළ බැළුම් හෙළුවා
පෙර දිනයක මා............
ඉස්සර වාගෙම තවමත් වැට අද්දර
නා මල් පූදිනවා
නොකා නොබී මම ගෙවු අතීතය
යළි මට සිහිවෙනවා
පෙර දිනයක මා..............
Thursday, March 15, 2012
අවුරුදු තහනම්
ෙකාහො කොහො අණ බෙර ගහගෙන
අවුරුද්දෙ සුභ පණිවිඩ අරගෙන
එන්න එපා අපෙ ගෙදර දිහාවෙ
ඉගිළි පලයන් පිට පාරෙ
පුංචි දෑස් තුටු කදුළින් පුරවන
මල් මංගල්ලෙ වුනා දෙන්
අප්පච්චිත් දෙවට පැන
එන්න එපා නුඹ මෙ වරේ
අවුරුදු කුමරිය එරබදු පැහැයෙන්
හැඩට හැෙඩ මල් ගවසාලා
අපෙ ලොවට අවුරුදු තහනම්
හිරුට කලින් පාළුව කැන්දා
Wednesday, March 14, 2012
තිඹිරි ගෙය
අකල් අෙනා්රා වැසි වට මැදියම
තරැ අැස් පුපුරා ෙල් ගැලුවා
මගෙ තිඹිරි ෙගයි සයනයෙ අම්මෙ
නුෙඹ සොහොන් කොත ඉදි වුවා
සත් පත්තිනි මව්වරු විරසක දෝ
පහන් පැෙල වෙයන් බැන්දෙ
උපන් දාම කිරි කදුල සොරා ගෙන
කොක්කු ලගිති මාවර ලන්දේ
දසකඩ මස ඉසිලු බර වැඩිදෝ
මා තනිකර අවසන් නින්දේ
තුන් කල් සිහිනය සෑබෑ වු දිනේ
මා වි මල බමර මලින්
දොලු කන්දෙ හෙවනැල්ලයි ඉරුනෙ
රිදි ඉරක් නැති වළාකුළින්
අමිහිරි මතකය නැගෙන්නෙපා යළි
උපන් දිනක් වී සංසාරේ
Wednesday, February 29, 2012
සුදු පරවියා
අකුණු පුපුරන හඩින්
කැකුළු සිත් ෙපාඩි තැළි
සිල් අැදුමි ලිහා දා
පරවියා හැංගිලා
රස කතා හඩ අැසෙයි
හිනෙනුත් ගුරු ගෙදර
රෑ පුරා නිදිවරයි
තරු පොකුරු කදවුරෙ
හිරු සදුද අැවිත් යයි
රු දවල් බව කියා
පැතුම් කර හදෙ
කාලයත් ඉගිලෙනා
පියාපත් පොඩි විදා
කදුළු නෙතු පිස සෙමින්
වසරෙන් වසරට
ඒන්න රිසිෙස් පෙති විහිදා
Wednesday, February 22, 2012
අමනාපයෙන්
ගිනි සිඹින මෙ සුළග වෙලිලා
තුරැ වියන නිරැවතින් හඩනවා
දිය පොදක් හිගාගෙන
නිල් අහස දෙස බලා
මහ පොළව ඉකි බිදිනවා
සද හඩන මහ රෑට
යට ගිලුණු අැස් වලට
රු කඩා වැටෙනවා
තරු නොවෙ වැහි බිංදු
කඩා වැටියන් නෙතට
උන් හඩා වැටෙනවා
මිනිස්කම වෙලිලා
අැන කොටා ගන්නවා
ෙහ්න් වෙල් ගිණි අරන්
පුංචි කුස් සයින් තැවෙනවා
හිරු හෙලු කටුක රැස්
පාගා අැත ගිනි ගන්න මුලු සිරුර
අප නෙත් යොමුවුණා අහසට
වැහිවලාහක දෙවිදු හැංගිලා
අමනාපයක් වු විලස
තක්ෂලාව
හිරු මල පිපෙනා අලුයම
තක්සලාව නිදි ගැට හැර අවදි ෙවිය
පුංචි පැටව් එකා ෙදන්නා
දුලි වැසුණු ෙපාත් පිටු ෙගන
වැව් පිටියට ඇදි එය.....
වන්නියේ ෙම් ඉස්කෝලේ
ෙගාමමැටි දැන් දිය ෙවලාය
වහලෙ පිදුරු දියවෙලාය
එ වුනාට බැගැබරව ශිල්ප යදින
තරු නෙත්වල තැවරුණු අසරණකම
කීරී ගසයි හිත පතුලට'''''''''''''''
හෙනෙ කුඹුරෙ සවි දියකර
ලොව දියුණට අත්වැල දෙන
උදව් වෙලා පොඩි අතපය
කරගැට මල් පිබිදිලාය
ඉපල් කොටු ගෙන කලන්න
සිතක් දෙන්නෙ කාටද අද?
මිරි වැටි නැති පුංචි දෙපා
දැක අහිතක් නොගෙන සිතට
එක දවසට එක අකුරක්
ඉගැන්නුවත් ෙමාන පිනක්ද?
කැෙල් පිපුණු මල් කැෙල්ම මිලින වෙන්න
ඉඩ හරින්න කිසිවිටකත් සිත් නෑ
මලක් වෙලා හෙට පිපෙන්න
වෙර දරණා මුදුකැකුලට''''''''''''''''''''''''''
'
Thursday, January 5, 2012
නිහැඩියාව
සද නැගෙන විට,සද බහින විට
මට සිහිනය පාළුව,
කාන්සිය
පමණයි................................
සමුගැන්ම
විවාහය
පුතා ; තාත්තෙ මට දෙයක් කි...යන්න තිය....නවා(
ලැඡ්ඡාවෙන්
)
පුතා: මට උඩහ ගෙදර න......ංගි...........
තාත්තා:අයෙත් ඉතින්
පුතා;මම බදි.....න්න කැමතියි
තාත්තා: මෙ.....................ඒක..........නන් කවදාකවත් කරන්..න බැ
පුතා: අනෙ තාත්තෙ
තාත්තා:වෙන ඔන කෙනෙක් බදින්න ඒයා බදින්නෙ නැතුව
ටික කලකට පසු
පුතා;මම අළුත් කෙනෙක් බදිනවා
තාත්තා:ඒ පාර කවිද?
පුතා:පහල ගෙදර..................
තාත්තා:වදින්නන් පුතා ඒයා ඔයාගෙම නං.............ගි කියලා හිතන්........න
යළිත් වරක් ඒවැන්නක්ම සිදුවිය
පුතා:අම්මා .අම්මා (
කෙන්තියෙන්
)
අම්මා:අැයි
පුතා:මම යාළුවුණ හැමකෙනෙක් ම මගෙ නංගි කියලා හිතන්න කියලා තාත්තා කියනවා.මට දැන් හැම ඒකක්ම ඒපා වෙලා
අම්මා:(
රහසින් සිනා ව්
) ඔයා ඔය නැමති කෙනෙක් බදින්න.ඒයාලා ඔයාගෙ නංගිලා නෙවෙයි
Wednesday, January 4, 2012
නියගයක පෙරනිමිති
විහග තුඩු රැදුණු ගී
මා හදින් සැගවිලා
හිමිදිරියට නැටු
මල් කැකුළු මැළවිලා................
මුව ෙදාවන සිසිල් දිය
ගං පතුල තුල සැගවිලා
කර්කශ නියගයක
නිමිත්තක් මතුවෙලා......................
පුංචි දග මාළුවන්
වැලි අතර සැගවිලා
සිය සිදුණු ෙපාකුණ මත
නිල් නෙළුම් මැලවිලා......................
නිල වර්ණ ගත
තුරැ මුදුණෙ වියකිලා
කර්කශ නියගයක
පෙරනිමිති මතුවෙලා..............................
Sunday, January 1, 2012
නුඔ නමට
තල් අරණේ තනිවෙලා ගිණි අවිය අත දරන්
ඡිවිතය ගැන පවා නොසිතමින් වෙර අරන්
පිටවෙලා යන නුබෙ තුරැණු විය කල් වැටෙන්
සැනෙනවද නුඔ නමට හෙලන සුසුමක පවන්
වෙඩි හඩේ කටුක බව දෙසවනේ නැවතිලා
ගිණි අවියේ උණුසුමට නුඹේ ගත හුරැවෙලා
ගෙවන හැම මොහොතකම උකුසු ඇස් රිදවලා
ඇසෙනවා හැම විටම නුඹේ හදේ හඩ පවා
අම්හිරිය වෙඩි හඩේ කුරිරැ බව නෙත රැදුණු
බිහිසුණුය මරණයෙ ලතෝනිය හද සැලු
ගැලුව ලේ බිදු දහර නුඹේ ලය තෙත් වමින
අකිකරැ කදුලුකැට වැනෙයි රැරා නෙතනි
නුඹේ දිවියේ අවසන සුසුම පොද හෙළු මොහොතක
පෙනෙනවා සිහිනයෙන් හැම රෑම නෙත් තෙමන
ඉවසම්ද කෙලෙසකින් නුඹේ සුසුම නැත ඉතින
නුඹ නමට පතමි මම අමා මහ පිරි නිවන.......
............................
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)